සිව්වරක් අගමැති වූ ඩඩ්ලි දිවංගත වී වසර 50යි

ශ්‍රී ලංකාවේ සිව් වරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතා දිවංගත වී අදට වසර 50ක් සපිරෙනවා.

1936 වසරේ සිට 1947 දක්වා දැදිගම රාජ්‍ය මන්ත්‍රීවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා 1947 සිට 1956 දක්වාත් 1960 සිට 1970 දක්වා වසර 27ක් දැදිගම මන්ත්‍රීවරයා ලෙසට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයෙක්.

1965 සිට 1970 දක්වා රටවැසි සියලු දෙනාටම නොමිලයේ සතිපතා සහල් සලාකය ලබාදුන් සේනානායක මහතා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටුවීම (බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය) සතර පොහෝ දින නිවාඩුව ලබාදීම, ගොවි හමුදාවක් ආරම්භ කිරීම ආදි ජාතික ආගමික ආර්ථික සේවා රැසක් මෙරටට දායාද කළ නායකයෙක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?