සුභසාධන අයදුම්පත් මිලියන 3.2ක තොරතුරු තහවුරු කර ගැනීම අවසන්

සුබසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත් මිලියන 3.2කට අධික සංඛ්‍යාවක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර තිබෙනවා.

සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුවයි ආරම්භ කෙරුණේ.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 340කින් ලැබී ඇති අයදුම්පත් මිලියන 3.7කට අදාළ සුබසාධන දීමනා සඳහා සුදුසුකම් තහවුරු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඇගයීම් කාලය අවසන් වූ පසු, ප්‍රතික්ෂේපවීම්ව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දෙන බවයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ජුනි මාසයේ සිට නව යෝජනා ක්‍රමය හරහා දීමනා ලබා දීමට මණ්ඩලය බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23