තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ (ඡායාරූප)

තියුණු ආයුධයකින් පහරදීමෙන් ⁣අද (08) අලුයම ඉපලෝගම ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැරිදි දෙදරු මවක බවයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

රැකියාවක නිරතව සිටින මෙම කාන්තාව අද අලුයම රැකියාව සඳහා පිටත්වීමට තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී සැමියා විසින් ඇයට තියුණු ආයාධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අද (08) අලුයම 05 ට පමණ මෙම කාන්තාව හිරිපිටියාගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය සඳහා අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාව හා සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැවති අතර ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැමිණිලි ද පවතින බවයි ඉපලෝගම පොලිසිය පවසන්නේ.

මීට මාසයකට පමණ ඉහතදී මෙම කාන්තාව සැමියා සමඟ ආරවුල් පැවතීම හේතුවෙන් මයිලගස්වැව පිහිටි නිවසේ සිට, සිය බාල දරුවා ද සමගින් සොහොයුරාගේ නිවසට පැමිණ එහි සිට රැකියාවට සේවයට ගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ දියණියද අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන්නියක වන අතර, ඇය අද (08) උදෑසන සේවයට යෑම සඳහා නිවසේ සිට පැමිණ ඇති අතර, ඒ එන අතර වාරයේ මාර්ගයේ පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ පිළිබඳව සොයා බැලීමේදී යි ඒ තම මව බවට හෙළිවී ඇත්තේ.

දියණිය කෑ ගසා අසල්වාසීන් දැනුම්වත් කිරීමෙන් පසු අසල්වාසීන් පැමිණ 1990 සුව සැරිය හා ඉපලෝගම පොලිසිය දැනුම්වත් කර ඇති අතර, සුව සැරියේ නිළධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මිය ගිය කාන්තාවගේ දේහය කැකිරාව දිසා රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බිරියගේ ඝාතනයෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට කැකිරාව මූලික රෝහලේ තැන්පත්කර ඇති අතර ඉපලෝගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39