අයහපත් කාලගුණයෙන් කටුනායක ගුවන් ගමන්වලට දැඩි බාධා

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතු වී ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ, අනුව ඊයේ (07) පස්වරු 06.25 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයේ පිටත්ව යාම අද (08) උදෑසන 09.15 දක්වා පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

එමෙන්ම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින අලුයම 04.45ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 ගුවන් යානය විනාඩි 10ක කාලයක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (07) රාත්‍රී 07.15 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 ගුවන් යානය පිටත්ව යෑම අද අලුයම 01.50 දක්වා කල් දැමීමට ද සිදුව තිබෙනවා.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මුම්බායි බලා ඊයේ (07) දින රාත්‍රී 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 ගුවන් ගමන ද අවලංගු කරනු ලැබුවා.

ඒ හේතුවෙන් අද (08) දින අලුයම 05.35 ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 ගුවන් ගමන ද අවලංගු කර තිබෙනවා.

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (07) රාත්‍රී 07.00 ගොඩ බැස්සවීමට නියමිතව තිබු චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 යානය , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (07) දින සවස 06.10ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ප්‍රමාද වී, අද (08) දින අලුයම 07.33ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ මගීන් 97 දෙනෙකු පැමිණ සිටි අතර, ඔවුන් බස් රථ මගින් , අද (08) අලුයම 03.30 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත කැදවා ගෙන පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52