විලියම්සන්ට ලෝක කුසලනයත් මඟ හැරී යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුර ආබාධයටකට ලක් වූ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ගේ දණහිසට ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා තිබෙනවා.

ඒ, අනුව විලියම්සන්ට ඉන්දියාවේ පැවැත්වෙන එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ද අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අරඹමින් චෙන්නායි සූපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි විලියම්සන් පන්දුවක් රැකගැනීමට යාමේ දී දකුණු දණහිසේ ආබාධයකට ලක් වුණා.

ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වූ කේන් විලියම්සන් ක්‍රීඩා කිරීම සඳහා යළි පිටියට නොපැමිණි අතර, ඒ අනුව ඔහුට සිදුවුණේ අයි.පී.එල්. තරගාවලිය අතහැර යළි නවසීලන්තය බලා යාමටයි.

ඒ, අනුව ඔහු පසුගිය 03 වනදා යළි සිය මව්රට බලා පිටව ගියා.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට ද එක්නොවී විලියම්සන් ඉන්දියාව බලා පිටත්ව පැමිණියේ අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීමේ අරමුණින්.

කෙසේ වෙතත් විලියම්සන්ගේ ඉවත්වයාමෙන් හිස් වූ ගුජරාට් ටයිටන්ස් සංචිතයේ එම ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක තෝරා ගැනීමට එම කණ්ඩායමේ කළමණාකාරිත්වය පසුගිය දා කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18