spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විලියම්සන්ට ලෝක කුසලනයත් මඟ හැරී යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුර ආබාධයටකට ලක් වූ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ගේ දණහිසට ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා තිබෙනවා.

ඒ, අනුව විලියම්සන්ට ඉන්දියාවේ පැවැත්වෙන එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ද අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අරඹමින් චෙන්නායි සූපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි විලියම්සන් පන්දුවක් රැකගැනීමට යාමේ දී දකුණු දණහිසේ ආබාධයකට ලක් වුණා.

ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වූ කේන් විලියම්සන් ක්‍රීඩා කිරීම සඳහා යළි පිටියට නොපැමිණි අතර, ඒ අනුව ඔහුට සිදුවුණේ අයි.පී.එල්. තරගාවලිය අතහැර යළි නවසීලන්තය බලා යාමටයි.

ඒ, අනුව ඔහු පසුගිය 03 වනදා යළි සිය මව්රට බලා පිටව ගියා.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට ද එක්නොවී විලියම්සන් ඉන්දියාව බලා පිටත්ව පැමිණියේ අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීමේ අරමුණින්.

කෙසේ වෙතත් විලියම්සන්ගේ ඉවත්වයාමෙන් හිස් වූ ගුජරාට් ටයිටන්ස් සංචිතයේ එම ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක තෝරා ගැනීමට එම කණ්ඩායමේ කළමණාකාරිත්වය පසුගිය දා කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?