දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වාවන වෙරළබඩ ප්‍රදේශවල අද (04) උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













