ඉන්ධන අක්‍රමිකතාවක් ඇතුළු චෝදනා 08කට එස් එම් රංජිත්ට අධිචෝදනා

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629 ක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන් පෙළඹවීම ඇතුළු චෝදනා 08ක් සම්බන්දයෙන් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට අද (03) කොළඹ මහාධිකරණය අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ ඔහුට එම චෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින්.

අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට අධිකරණය නියම කළා.

2012 සහ 2014 කාලය තුළ අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් 5,379,629ක් රජයේ මුදල් අවභාවිතා කිරීම ඇතුළු අධිචෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.