අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ,ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.

මේ වනවිට ලිප්ටන් වටරවුම හා ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා.

ආණ්ඩුව ගෙන යන ශිෂ්‍ය මර්ධනයට එරෙහිව තමන් මෙම විරෝධතාව සංවිධානය කළ බව විශ්ව විද්‍යාල සිසුන් පැවසුවා.