හලාවත – කොළඹ මාර්ගයේ අනතුරකින් පියා ජීවිතක්ෂයට – දරු දෙදෙනාට බරපතළයි (ඡායාරූප)

ත්‍රිරෝද රථයක් සහ බට්ටා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක්‌ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හලාවත – කොළඹ මාර්ගයේ මාරවිල, හොරගොල්ල ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ සම්පත් කැළුම් ඒකනායක නමැති 40 හැවිරිදි ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සීදුව – අම්බලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පුත්තලම ප්‍රදේශයේ තිබූ දානමය පිංකමකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දරුවන් දෙදෙනෙකු ද බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනා මියගිය පුද්ගලයාග්ගේ දරු දෙදෙනා බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ මව සහ බිරිඳ ද ත්‍රිරෝද රථය තුළ සිට තිබෙනවා.

අනතුර සම්බන්ධ බට්ටා ලොරි රථය පැදවූ රියදුරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බිංගිරිය, වීරකොපුණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

අනතුරින් තුවාල ලැබු 07 සහ 04 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?