හලාවත – කොළඹ මාර්ගයේ අනතුරකින් පියා ජීවිතක්ෂයට – දරු දෙදෙනාට බරපතළයි (ඡායාරූප)

ත්‍රිරෝද රථයක් සහ බට්ටා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක්‌ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හලාවත – කොළඹ මාර්ගයේ මාරවිල, හොරගොල්ල ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ සම්පත් කැළුම් ඒකනායක නමැති 40 හැවිරිදි ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සීදුව – අම්බලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පුත්තලම ප්‍රදේශයේ තිබූ දානමය පිංකමකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දරුවන් දෙදෙනෙකු ද බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනා මියගිය පුද්ගලයාග්ගේ දරු දෙදෙනා බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ මව සහ බිරිඳ ද ත්‍රිරෝද රථය තුළ සිට තිබෙනවා.

අනතුර සම්බන්ධ බට්ටා ලොරි රථය පැදවූ රියදුරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බිංගිරිය, වීරකොපුණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

අනතුරින් තුවාල ලැබු 07 සහ 04 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41