දිවි එපා වී දුම්රියට දිවිදුන් එක්දරු පියා

වාද්දූව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (02) උදෑසන පුද්ගලයෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ අංක 8776 දරණ ඉන්ධන ප්‍රවාහන කළ දුම්රියට මෙම පුද්ගලයා මෙලෙස ගෙළ තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

36 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා එක්දරු පියෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයාගේ මෘත දේහය කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?