AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ කෝවිලක ළිං ආවරණයක් කඩා වැටී 35 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කෝවිලක යාඥා කරමින් සිටියදී ළිඳකට වැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රහස්පතින්දා රාම් නවමි හින්දු උත්සවය සැමරීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙලේෂ්වර් මහාදේව් ජුලෙලාල් කෝවිලට බැතිමතුන් රැස්ව සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් පසු 18 දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.

තුවාල ලැබූ තවත් 16 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි සඳහන්.

පොලිසිය පැවසුවේ, මියගිය පිරිස ළිඳ මත තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන සිටියදී ඔවුන්ගේ බරට එය කඩා වැටී ඇති බව යි.

මෙම අනතුර පිළිබඳ තමා අතිශයින් වේදනාවට පත් වූ බව ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.

බැතිමතුන්ගේ බර හේතුවෙන් කොන්ක්‍රීට් ලෑල්ල කඩා වැටුණු අතර මිනිසුන් අඩි 40ක් පමණ ගැඹුරු ළිඳට ඇද වැටී ඇතැයි සඳහන්.

මෙම දේවස්ථානයේ බලධාරීන් වසර ගණනාවකට පෙර ළිඳ භාවිත කිරීම නතර කර යකඩ ග්‍රිල් සහ උළු යොදා එය වසා තිබූ බව නිලධාරීන් පවසනවා.

එය අනාරක්ෂිත සහ අනවසර බැවින් ළිඳ වසා දමන ලෙසට නාගරික බලධාරීන් ජනවාරි මාසයේදී කෝවිල් හිමියන්ට නියෝග කළ ද එම අනතුරු ඇඟවීම නොසලකා හැර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

හින්දු උත්සවය නිමිත්තෙන් ගිනි පෑගීමේ චාරිත්‍රයක් පැවැත්වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් කෝවිලට පැමිණ සිටි බව සඳහන්.

දුර්වල ඉදිකිරීම් සහ නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ගොඩනැගිලි කඩා වැටීම් ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි පාලමක් ගඟකට කඩා වැටී 132 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වුණා.

එය පසුගිය දශකය තුළ ඉන්දියාවේ සිදු වූ දරුණුතම අනතුරු වලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?