අත්අඩංගුවට ගන්න ගිය සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

වෙන්නප්පුව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් අද පුද්ගල ඝාතනයකට අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි.

සැකකරුවන් දෙදෙනා දෙමටපිටිය හන්දිය ප්‍රදේශයේදී හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් පළා ගොස් තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදිවලින්ම සැකකරුවන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව වෙන්නප්පුව පේරගස් හන්දිය මාර්ගයේදී ගමන් කිරීමේදී සැකකරුවන් යතුරුපැදිවලින් පොලිසියේ මග හරස් කර තිබෙනවා.

එහිදී අද සවස 2.45ට පමණ එක් සැකකරුවෙකු පිහියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට කළ පහරදීමෙන් ඔහුගේ දකුණු අතේ ඇගිලි කිහිපයකට සහ මැණික් කටුව අසලට බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම සිදු වන අවස්ථාවේ අදාළ නිලධාරියා සතුව තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර පළමු වෙඩි ප්‍රහාරයෙන් සැකකරුගේ දකුණු පාදයේ දණහිසට පහලින් තුවාල සිදුවී තිබෙනවා.

නැවතත් සැකකරු පිහියෙන් පහරදීමේදී තැබූ වෙඩි ප්‍රහාරයකින් වම් පාදයේ දණහිසට ඉහළින් වැදී ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

පසුව එම සැකකරු මියගොස් තිබෙනවා. අනෙක් සැකකරුගේ ද පාදයකට සුළු තුවාල සිදුවී ඇති අතර ඔහු සහ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ද මාරවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මියගිය සැකකරුගේ සිරුර ද මාරවිල් රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01