spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවට ගන්න ගිය සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

වෙන්නප්පුව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් අද පුද්ගල ඝාතනයකට අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි.

සැකකරුවන් දෙදෙනා දෙමටපිටිය හන්දිය ප්‍රදේශයේදී හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් පළා ගොස් තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදිවලින්ම සැකකරුවන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව වෙන්නප්පුව පේරගස් හන්දිය මාර්ගයේදී ගමන් කිරීමේදී සැකකරුවන් යතුරුපැදිවලින් පොලිසියේ මග හරස් කර තිබෙනවා.

එහිදී අද සවස 2.45ට පමණ එක් සැකකරුවෙකු පිහියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට කළ පහරදීමෙන් ඔහුගේ දකුණු අතේ ඇගිලි කිහිපයකට සහ මැණික් කටුව අසලට බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම සිදු වන අවස්ථාවේ අදාළ නිලධාරියා සතුව තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර පළමු වෙඩි ප්‍රහාරයෙන් සැකකරුගේ දකුණු පාදයේ දණහිසට පහලින් තුවාල සිදුවී තිබෙනවා.

නැවතත් සැකකරු පිහියෙන් පහරදීමේදී තැබූ වෙඩි ප්‍රහාරයකින් වම් පාදයේ දණහිසට ඉහළින් වැදී ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

පසුව එම සැකකරු මියගොස් තිබෙනවා. අනෙක් සැකකරුගේ ද පාදයකට සුළු තුවාල සිදුවී ඇති අතර ඔහු සහ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ද මාරවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මියගිය සැකකරුගේ සිරුර ද මාරවිල් රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?