යටියන්තොට පාසල් සිසුවෙකු අකුණු සැර වැදී මියයයි

යටියන්තොට සීපෝත් කොට්ටමලේ ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් වයස අවුරුදු දාහතක පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

සිසුවා වැසි පතිත වන අවස්ථාවක ඔහුගේ මව සමග නිවස ඉදිරිපිට සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසුවා.

එහිදී ඔවුන් දෙදෙනාටම අකුණු වැදී ඇති අතර මව සිහිසුන්ව සිට නැගිට බලනවිට සිය දරුවා මියගොස් ඇති අන්දම දැක තිබෙනවා.

අකුණ වැදෙන අවස්ථාවේදී නිවස තුළ රැඳී සිට තිබෙන්නේ මෙම මව සහ පුතු පමණයි.

මියගිය ජේ එම් යොහාන් ඉෂාර සිසුවා සීපොත් මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා.