භාණ්ඩ රැසක මිල ගණන්වල අඩුවීමක් ඉදිරියේ දී – වෙළඳ ඇමති

භාණ්ඩ රැසක මිල ගණන් අඩුවීමක් ඉදිරියේ දී දැකගත හැකි බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

වැලිමඩ ප්‍රදේශයේ අද (28) පැවති විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙරටට ආනයන කර ඇති බිත්තර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පූර්ණ අනුමැතියක් යටතේ මෙම බිත්තර ආනයන කර ඇති බවයි.

ඒ, අනුව ආනයන කරන ලද බිත්තර පරීක්ෂා කර බලා එම තොග නිදහස් කිරීමේ ප්‍රමාදයක් පවතින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?