ගුවන් බලපත්‍ර වෙනස් කර ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට(ඡායාරූප)

ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින්
දෙදෙනෙකු අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අද අලුයම 05.00 ට පමණ දිවයිනය පැමිණ තිබුණේ ඩුබායි සිටයි.

බංගලාදේශ ජාතිකයින් දෙදෙනා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත සිය ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී,ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතිකව ගලවා ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව එම ලියකියවිලි ,දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කෙරුණු අතර එහිදී එම ගුවන් ගමන් බලපත්‍ර දෙකේ කූඨ ලෙස අලවා තිබූ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි ජායාරූප හඳුනා ගැනුණා.

වැඩිදුරට කළ සෝදිසි කිරීම්වලදී සැකකරුවන් සතු ගමන් මලු තුළ තිබූ ව්‍යාජ වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.

මෙම වීසා බලපත්‍ර ඇලවීම සහ ගැලවීම බංගලාදේශ තැරැව්කරුවෙකුගේ උපදෙස් මත තමන් සිදු කළ බවත් තමන් ඕස්ට්‍රේලියාවට පිටත් කර යැවීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක බැගින් මුදලක් ඔවුන් ලබාගත් බවත් බංගලාදේශ ජාතිකයින් දෙදෙනා පවසා තිබෙනවා.

මොවුන් දෙදෙනා බංග්ලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාරකෙරුණා.

IMG 20230327 WA0051
IMG 20230327 WA0052 2
IMG 20230327 WA0054
IMG 20230327 WA0053 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56