spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් බලපත්‍ර වෙනස් කර ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට(ඡායාරූප)

ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයින්
දෙදෙනෙකු අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අද අලුයම 05.00 ට පමණ දිවයිනය පැමිණ තිබුණේ ඩුබායි සිටයි.

බංගලාදේශ ජාතිකයින් දෙදෙනා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත සිය ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී,ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතිකව ගලවා ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව එම ලියකියවිලි ,දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කෙරුණු අතර එහිදී එම ගුවන් ගමන් බලපත්‍ර දෙකේ කූඨ ලෙස අලවා තිබූ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි ජායාරූප හඳුනා ගැනුණා.

වැඩිදුරට කළ සෝදිසි කිරීම්වලදී සැකකරුවන් සතු ගමන් මලු තුළ තිබූ ව්‍යාජ වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.

මෙම වීසා බලපත්‍ර ඇලවීම සහ ගැලවීම බංගලාදේශ තැරැව්කරුවෙකුගේ උපදෙස් මත තමන් සිදු කළ බවත් තමන් ඕස්ට්‍රේලියාවට පිටත් කර යැවීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක බැගින් මුදලක් ඔවුන් ලබාගත් බවත් බංගලාදේශ ජාතිකයින් දෙදෙනා පවසා තිබෙනවා.

මොවුන් දෙදෙනා බංග්ලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාරකෙරුණා.

IMG 20230327 WA0051
IMG 20230327 WA0052 2
IMG 20230327 WA0054
IMG 20230327 WA0053 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?