ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 – 10 වර්ගයේ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.
ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 301 කින් සමන්විතයි.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීම සදහා ධාවන පථයේ සහ ගුවන් යානා නැවතුම් අංගනයේ විශේෂ පහසුකම් පුළුල් කිරීමට ද ගුවන් තොටුපළ පියවර ගෙන තිබුණා.
සිංගප්පූරු ගුවන් සේවයේ මෙම ගුවන් යානය සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 277 දෙනෙකු රැගෙන මෙරටට පැමිණියා.
අද දිනයේ සිට සතියකට දින 04 ක්, එනම් සදුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන් වලදී මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.
එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම ගුවන් යානය සතියේ දින හත තුළම සිංගප්පූරුව සහ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන්වල නිරත වීමට සැළසුම් කර තිබෙනවා.


















mema yanaya piligaththeth lankawe welawen 11:45ta. aluyama awa kathawa boru.kawda me news eka dunne? dena paliyata news gahuwama oba ayathanaye image eka damage wenne.
oka lankawata awe 26
හරියට ගවේෂණය කරලා තොරතුරු පලකරන්න. මෙම පුවත සම්පුර්ණ අසත්‍යක්. මෙම වර්ගයේ ගුවන් යානා පසුගිය අවරුදු තුනක පටන්ගන්න ලංකාවට පැමිණෙනවා.
Nothing special. This is not a news.