ලොව නවතම මගී ගුවන් යානයක් පළමුවරට ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 – 10 වර්ගයේ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 301 කින් සමන්විතයි.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීම සදහා ධාවන පථයේ සහ ගුවන් යානා නැවතුම් අංගනයේ විශේෂ පහසුකම් පුළුල් කිරීමට ද ගුවන් තොටුපළ පියවර ගෙන තිබුණා.

සිංගප්පූරු ගුවන් සේවයේ මෙම ගුවන් යානය සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 277 දෙනෙකු රැගෙන මෙරටට පැමිණියා.

අද දිනයේ සිට සතියකට දින 04 ක්, එනම් සදුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන් වලදී මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.

එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම ගුවන් යානය සතියේ දින හත තුළම සිංගප්පූරුව සහ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන්වල නිරත වීමට සැළසුම් කර තිබෙනවා.

  1. හරියට ගවේෂණය කරලා තොරතුරු පලකරන්න. මෙම පුවත සම්පුර්ණ අසත්‍යක්‌. මෙම වර්ගයේ ගුවන් යානා පසුගිය අවරුදු තුනක පටන්ගන්න ලංකාවට පැමිණෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56