පුත්තලමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කාතිවරයෙකුට ප්‍රහාරයක්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් පහර දුන් බවට පවසමින් කාති අධිකරණයේ කාතිවරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) රාත්‍රියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දියණියගේ නිවසේ දී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් නම් අයෙක් බව සඳහන්.

පුත්තලම කාති අධිකරණයේ කාතිවරයා ලෙස සේවය කළ අය දුෂිතයෙකු බව පවසමින් ඔහුව එම තනතුරින් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

තමන් පත්කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් වන බැවින් ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයේ
ඉල්ලීම පිළිගත නොහැකි බව කාතිවරයා පවසා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා මන්ත්‍රීවරයා කාතිවරයාව තම දියණියගේ නිවසට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පුත්තලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?