පුත්තලමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කාතිවරයෙකුට ප්‍රහාරයක්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් පහර දුන් බවට පවසමින් කාති අධිකරණයේ කාතිවරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) රාත්‍රියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දියණියගේ නිවසේ දී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් නම් අයෙක් බව සඳහන්.

පුත්තලම කාති අධිකරණයේ කාතිවරයා ලෙස සේවය කළ අය දුෂිතයෙකු බව පවසමින් ඔහුව එම තනතුරින් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

තමන් පත්කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් වන බැවින් ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයේ
ඉල්ලීම පිළිගත නොහැකි බව කාතිවරයා පවසා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා මන්ත්‍රීවරයා කාතිවරයාව තම දියණියගේ නිවසට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පුත්තලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32