වසර ගණනක සිට දියණිය කෙළෙසූ පියා සහ මිතුරා රක්ෂිත බන්ධනාගාරයට

තම දියණියව දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පියා සහ ඔහුගේ මිතුරා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර පියා වසර 06ක පමණ කාලයක සිට තම දියණියව වරින් වර දූෂණය කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු මීට සති දෙකකට පමණ පෙර දැරිය දූෂණය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකළ සැකකරුවන් දෙදෙනා පුත්තලම – කරුවලගස්වැව 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 40 සහ 44 හැවිරිදි වියේ පසුවන්නන්.

දැරියට වයස අවුරුදු 10ක කාලයේ සිට මේ දක්වා සැකකාර පියා විසින් ඇයව වරින් වර දූෂණය කර ඇති බවත්, මේ බව දැන ගෙන ඇති පියාගේ මිතුරෙකු වන අනෙක් සැකකරු ද මීට සති දෙකකට පමණ පෙර ඇයව දූෂණය කර ඇති බවත් පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24