නවසීලන්ත පළමු ඉනිම 580න් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 04ක් දැවී ලකුණු 580ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහි වැඩි දායකත්වයක් ලබාදුන් කෙන් විලියම්සන් ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු 296ක් තුළ ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 215ක්.

ඔහුට අනෙක් අත්නයේ සිට අනඟි සහයක් ලබාදුන් හෙන්රි නිකොල්ස් සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය අද රැස් කළා.

ඒ සදහා ඔහු වැයකළ පන්දු සංඛ්‍යාව 240ක්.

විලියම්සන් සහ නිකොල්ස් එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 363ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 02ක් කසුන් රාජිත බිඳ හෙලූ අතර, ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අතර නවසීලන්ත ඉනිමේ 90 වන පන්දු වාරයේ දී ආබාධයකට ලක්ව කසුන් රාජිතට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, පසුව ඔහු සුවය ලබා යළි පන්දු රැකීමට පිටියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

වෙලින්ග්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24