සංගීතයක් අතර තුර ගැටුමක දී පුද්ගල ඝාතනයක් (ඡායාරූප)

බටගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී ඊයේ (17) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

බටගොඩ, නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි අරුණ මංගල ජයවර්ධන නැමැති විවාහක පුද්ගලයෙක්.

දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ හොරණ රෝහලට ඇතුළත් කළ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?