හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 50 සමග තණකොලයා අත්අඩංගුවට

නිවාස ගෙවතුවල තණකොළ කැපීමට ගොස් ඒ මුවාවෙන් රාත්‍රී කාලයේ එම නිවාස වෙත ඇතුල්වී සොරකම් කරන ලද ලක්ෂ 25 පමණ භාණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටිනවා.

අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 50 තිබු බවයි වාර්තා වන්නේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ප්‍රදේශයේ පදිංචි ‘තණකොළයා ‘ නැමැති අන්වර්ත නමින් හදුන්වන 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රත්මලාන ආර්ථිකය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවට පැවසෙනවා.

ඒ අතර සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී නිවාස සහ ආයතනවල තණකොළ කැපීමට ගොස් ඒ මුවාවෙන් රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේ එම නිවාස සහ ආයතන වෙත ඇතුල්වී සොරකම් කරන ලද ලක්ෂ 25 පමණ භාණ්ඩ තොගයක් සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?