බිළිඳෙකු දුම්රියේ දමා ගිය සරසවි සිසු පියා රිමාන්ඩ්

කුඩා බිළිඳෙකු දුම්රියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම බිළිඳාගේ පියා වන සරසවි සිසුවා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරු ලබන 15 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් මව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ. 25 හැවිරිදි ඔහු ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.

පෙරේදා (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි සැකකාර යුවළ හමුවී ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් පොලිස් භාරයට ගත් අතර දුම්රිය වැසිකිළිය තුළ කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම පියා විසින් බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.

විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද සැකකාර පියා ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?