බිළිඳෙකු දුම්රියේ දමා ගිය සරසවි සිසු පියා රිමාන්ඩ්

කුඩා බිළිඳෙකු දුම්රියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම බිළිඳාගේ පියා වන සරසවි සිසුවා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරු ලබන 15 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් මව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ. 25 හැවිරිදි ඔහු ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.

පෙරේදා (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි සැකකාර යුවළ හමුවී ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් පොලිස් භාරයට ගත් අතර දුම්රිය වැසිකිළිය තුළ කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම පියා විසින් බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.

විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද සැකකාර පියා ප්‍රකාශකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42