චීන රජය මෙරටට ලබා දෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය සම්පූර්ණයෙන් ලැබී අවසන්

චීන රජය මගීන් 2023 පාසල් වර්ෂය සඳහා මෙරටට ලබා දිමට තිබු නිල ඇඳුම්වල අවසන් තොගය ඊයේ (08) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දී තිබෙනවා.

ඒ චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින්.

ඒ අනුව 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර තිබෙනවා.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරී‍මේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව යි.

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් ප්‍රදානය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39