AFC Banner
AFC Banner
Empty Ad

නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම පහසු නැහැ – මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති

තම ආයතනයේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමේදී ගැටළු පැන නැගී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය විජිත නානායක්කාර මහතා පවසනවා.

ඔහු අද මහනුවරදී මාධ්‍යට පැවසුවේ සාමකාමී විරෝධතා සදහා බාධා කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.

පසුගියදා කොළඹ පැවති විරෝධතාවකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්දයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් සෞඛ්‍යය වැනි වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමේදී මහජනතාව ගැනද සංවේදී විය යුතු බවත් ආචාර්ය විජිත නානායක්කාර පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?