මත්ද්රව්ය ඇතුළු සමාජ විරෝධී ක්රියාවලින් තරුණ පරපුර මුදාගැනීම සඳහා කාත්තන්කුඩිය ප්රදේශයේ නව වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
ලාභයක් ලබාගැනීමට මෙන්ම විනෝදාස්වාද වැඩසටහනක් ලෙසත් සංවිධානය කරන තිබු මෙය ශ්රී ලංකාවේ පොර කුකුළන් ප්රදර්ශනයක්.
මෙම ප්රදර්ශනය සංවිධානය කර තිබුනේ පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ සමස්ත ශ්රී ලංකා පොර කුකුළු ඇති කරන්නන්ගේ සංගමය විසින් වීම විශේෂත්වයක්.
දිවයින පුරා සිටින පොර කුකුළුන් ඇති කරන්නන් 45 කට අධික සංඛ්යාවකගේ කුකුළන් 60 ක් මේ සදහා සහභාගී කර තිබුණා.
කෙසේ වෙතත් මෙරට තුළ පොර කුකුළන් කෙටවීම නීතියෙන් තහනම් කර තිබෙනවා.
එවැනි නීති විරෝධී ක්රියාවන්වටල නොගොස් මෙවැනි වෙනස්ම ආකාරයේ කටයුතු සංවිධානය කීරීම පැසසිය යුතු කරුණක්.











