AFC Banner
AFC Banner
Empty Ad

නඩුවකට ආ පුද්ගලයෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය

ඇදුමක සගවාගෙන අයිස් මත්ද්‍රව්‍ය හා දුම්කොල රැගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද අධිකරණයට පැමිණ තිබුණේ නඩුවකට පෙනී සිටීම සදහායි.

පානදුර,මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට කැටුව එන රැදවියෙකුට ලබාදීමට මෙම මතද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

සැකකරුට එරෙහිව අද පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාගයට ගැනීමට නියමිතව තිබූ බවත්, ඒ සදහා පෙනීසිටිමට ඔහු පැමිණ ඇති බවත් සදහන්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?