කටුනායක ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය “බුරු මුනා” නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මිල්ලනිය ගුන්ගමුව බැල්ලන්තුඩාව ප්රදේශයේ පදිංචි කප්පිත දේවගේ ලක්ෂාන් චාමර මෙන්ඩිස් (36) නැමැති නාවික සෙබළා සහ ඔහුගේ බිරිඳ වන බිරිඳ වන හේරත් මුදියන්සේලාගේ රූපිකා නිලක්ෂි හේරත් (32) යන අඹු සැමියන් දෙපළයි.
මෙහිදී සැකකාර යුවලගේ නමින් අලුත්ගම සහ බලපිටිය බැංකු කීපයක පවත්වාගෙන යන ගිණුම් වාර්තා ලබාගැනීමට ද
මහේස්ත්රාත්වරිය පොලිසියට අවසර ලබා දුන්නා.
බුරු මුනා නමැත්තා ඉකුත් මස 24 වැනි දින කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් කෝරළගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන ව්යාජ නමකින් ඩුබායි රට බලා යාමට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත බාර දී තිබු අතර එහිදී ඔහු පොලිසියෙන් පලායනු ලැබුවා.
ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් එම ඝාතන සිද්ධියට පැමිණි වෙඩික්කරු ලෙස බුරු මුනා නැමැත්තා හඳුනාගෙන තිබුණා.
