ගුවන් යානයේදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කළ තරුණයෙක් අත්අඩංගුවට

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ගුවන් තොටුපලේ සිට ඉන්දියාවේ නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි ඉන්දියානු මගියෙකු යාබද අසුනේ සිටි මගියාගේ ඇඟට මුත්‍රා කිරීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මුත්‍රා කළ පුද්ගලයා ඇමෙරිකාවේ සරසවියක ඉගෙනුම ලබන සිසුවකු බවත් එම අවස්ථාවේ ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඔහු බීමත්ව සිටි අතර ඔහු නිදා සිටියදී මුත්‍රා කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම සරවී සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර වින්දිත පිරිමි ළමයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට උනන්දු නොවූයේ එය ඔහුගේ වෘත්තිය අනතුරට ලක්විය හැකි නිසා බව පවසමින්.

කෙසේ වෙතත්, මෙම සිදුවීම බැරෑරුම් ලෙස සැලකූ ගුවන් සමාගම එය ගුවන් තොටුපලේ ගුවන් ගමනාගමන පාලක වෙත වාර්තා කර තිබෙනවා.

නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ළඟා වූ වහාම එම සිසුවා යානයේ කාර්ය මණ්ඩලය විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත බාරදී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා ද නිව්යෝර්ක් – නව දිල්ලි ගුවන් ගමනක් අතරතුර යානයේ ගමන්ගත් ඉන්දීය මගියෙකු යානයේ සිටි වයස්ගත මගී කාන්තාවකගේ ඇඟට බීමතින් මුත්‍රා කර තිබුණා.

ශංකර් මිශ්‍රා නම් පුද්ගලයා බීමතින් වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුරට මුත්‍රා කර තිබූ අතර එම සිදුවීමෙන් මාසයකට පමණ පසු මාධ්‍ය වාර්තාවක් හරහා අනාවරණය වීමෙන් අනතුරුවයි මිශ්‍රා අත්අඩංගුවට ගනු ලැබුවේ.

මාසයකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔහු ඇප මත නිදහස් කෙරුණා.

සිද්ධිය සිදුවී පැය 12ක් ඇතුළත එය වාර්තා නොකිරීම හේතුවෙන් එයාර් ඉන්දියා සමාගමට රුපියල් ලක්ෂ 30ක දඩයක් ද නියම කර තිබුණා.

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අදාළ මගියාගෙන් දඩ මුදලක් අයකර ගැනීමට හෝ එම මගියාට කිසියම් කාලසීමාවකට ගුවන් ගමන් තහනම් කිරීමට අදාළ ගුවන් සමාගමට නීතිමය හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08