ආසියානු රෝද පුටු ටෙනිස් ශූරතාවය ශ්‍රී ලංකාවට (ඡායාරූප)

පෘතුගාලයේ පැවැත්වීමට නියමිත රෝද පුටු ටෙනිස් තරගාවලිය (BNP Parisbas World Team Cup – Wheelchair Tennis) සඳහා සහභාගී වීමට වෙනුවෙන් ආසියානු කලාපයේ සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා, එම ආසියානු ශූරතාවය දිනා ගනිමින් අද දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය පෙබරවාරි 27 සිට ඊයේ දක්වා තායිලන්තයේ පටායා හි දී යි පැවැත්වුණේ.

ඊට දකුණු කොරියාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ තායිලන්තය වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් ඉදිරිපත් වී සිටියා.

ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගිනුයි තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ.

සුරේෂ් ධර්මසේන, ගාමිණී දිසානායක, මංජුල ප්‍රදීප් කුමාර යන තිදෙනා රෝද පුටු ටෙනිස් තරගාවලිය සදහා ඉදිරිපත් වී තිබූ අතර ඔවුන්ගේ පුහුණුකරු විජයකාන්ත මහතා ද ඔවුන් සමග තායිලන්තය බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන් අද පෙරවරු දහවල් 10.54ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරීනියන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මැයි මස 02 වනදා සිට 08 වනදා දක්වා පෘතුගාලයේ දී මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඒ සදහා මේ ආකාරයට සුදුසුකම් ලැබූ ලෝකයේ ප්‍රබල රටවල් 17ක ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13