හිටපු ක්‍රිකට් සභාපති සුද්ද කළ කොල්ලකරුවන් දෙදෙනාට ඇප

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවාට තර්ජනය කර මාංචු දමා ඔහු සතුව තිබූ මුදල් සහ තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙදෙනාට ඊයේ (03) දිනයේ දී මෙලෙස ඇප නියමකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් ගබඩාවේ තරුණයන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා විසින් ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින ආනා පුංචිහේවා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ එම වර්ගයේ අත්ඔරලෝසුවක් මෙලෙස කොල්ල කා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔවුන් හිටපු ක්‍රිකට් සභාපතිට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කොල්ලකන ලද භාණ්ඩ දුරකථනය සහ ඔරලෝසුව යළි ලබාදීමට නම් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙසයි.

එම මුදල් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසත් ද දැනුම් දී ඇති අතර, පසුව නැවතත් ඇමතුමක් දී පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 5ක් නොව ලක්ෂ දෙක හමාරක් ඒ සඳහා ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ආනා පුංචිහේවා පොලිසියට දැනුම් දී ඇති අතර, අනතුරුව පොලිසියේ උපදෙස් මත මුදල් ගැනීමට බොරැල්ල සුසාන භූමිය අසලට පැමිණෙන ලෙසයි කොල්ලකරුවන්ට දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව සැකකරුවන් දෙදෙනා මුදල් ගැනීමට පැමිණීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18