කැන්ගරුවෝ ICC ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කර ගනී

මේ වසරේ පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කරගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව සමඟ ඉන්දෝර් හිදී පැවති තුන්වන ටෙස්ට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට හැකිවීමත් සමඟයි.

මෙම ලෝක ටෙස්ට් ශූරතාව තුළ (2021-2023) ඕස්ට්‍රේලියාව සහභාගී වූ ටෙස්ට් තරඟ 18න් තරග 11ක් ජයගෙන තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව තවමත් දෙවන තැන පසුවන අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ඒ, අනුව ඕස්ට්‍රේලියාව සමඟ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී තරග වදින අනෙක් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියුණු සටනක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග දෙකට එකක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර, පළමු තරග දෙක ඉන්දියාව ජය ගත්තා.

දෙරට අතර පැවති තුන්වන තරගය ඕස්ට්‍රේලියාව අද ජය ගත්තේ තරගය අවසන්වීමට තවත් දින දෙක හමාරක පමණ කාලයක් ඉතිරිව තිබිය දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58