ජාත්‍යන්තර වනජීවි දිනය අදයි

ජාත්‍යන්තර වනජීවි දිනය අදට (03) යෙදී තිබෙනවා.

“වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරිත්වය” යන්න මෙවර එහි තේමාවයි.

පාරිසරික සමබරතාව සඳහා, වන ජීවීන් රැකගැනීම සමස්ත මානව ප්‍රජාවේ වගකීම යන්න සිහි ගන්වමින් ලෝක වන ජීවී දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන්.

මෙරට වන ජීවීන් ද මේ වනවිට බරපතළ ගැටලු රැසකට මුහුණු දී සිටින අතර, එලෙස වන ජීවීන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ 25කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එලෙස තර්ජනයකට ලක්ව ඇති වන සතුන් රැකගැනීමට ප්‍රජාවද සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?