හිමි නමක් ගසක් මත උපවාසයක

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමි නමක් ගසකට නැග පැය 8ක උපවාසයක නිරත වූ බව පඬුවස්නුවර පොලිසිය පවසනවා.

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි නා හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමියන්ට පවරාදීමටයි මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී ඇත්තේ.

අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන විරෝධතාවයේ නිරත මෙම නා හිමියන් තමන්ට විහාරාධිපතිකම ලබා දෙන ලෙසට බල කරමින් හලාවත, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී උපවාසයක නිරත වී තිබෙනවා.

විහාරාධිපතිකම ලැබුණු හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර විරෝධතාවයේ නිරත හිමියන් ද විහාරස්ථානයේ වැඩ වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බවට හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබී ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුව තිබූ බව සඳහන්.

විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන ලෙසට වගකිව යුත්තන්ට බල කරමිනුයි උන් වහන්සේ මෙලෙස ගසකට නැගී උපවාසයේ නිරත වී ඇත්තේ.

උන්වහන්සේ තම දුරකතනය ද රැගෙන ගසට නැග තිබූ අතර පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැසීමෙන් පසු ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18