අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

එම පක්ෂනායක රැස්වීම සඳහා සියලු පක්ෂ ලේකම්වරුන්ට ද සහභාගී වන ලෙසටයි දැනුම්දී තිබෙන්නේ.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.