පාස්කු වන්දි නඩු අභියාචනයේ කරුණු පහදන්න මෛත්‍රීගේ නීතීඥයින් අදත් නෑ

මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ගොනුකර තිබුණු අභියාචනයේ කරුණු තහවුරු කිරීම සඳහා අද දිනයේත් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට අධිකරණය වෙත පැමිණීම අපහසු බව සිරිසේන මහතා ගේ නීතීඥයින් විසින් අධිකරණයට දන්වා සිටියා

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යාමට මීගමුව අතිරේක දිසා විනිසුරු මීට පෙර නියෝගයක් කළා.

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටී නීතීඥයින් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා හට අද දින අධිකරණයේ පෙනී සිටීමට අපහසු බැවින් කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, වගඋත්තරකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කල අතර ඔහු පැවසුවේ නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පුද්ගලික හේතු මත දින අයැදීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බවයි.

මෙවැනි කටයුතු හේතුවෙන් සිදුවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වීම තවදුරටත් පමා වීම බවයි.

පෙත්සම මාර්තු 15 වන දින යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30