ප්‍රංශ තානාපති මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණයක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති HE Jean-François අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණකට එක්ව සිටියා.

එහිදී ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සහ එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් සිදුකර ඇති අතර එහිදී මෙරට මානව හිමිකම් තත්ත්වය, ආර්ථික අර්බුධය, දිගුකාලීන රැඳවියන්ගේ ගැටළු ආදිය පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමුකළ මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවා.