සජිත් ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කථානායක හමුවෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්.

මේ සාකච්ඡාවේදී අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යෝජනා වී ඇති අතර කථානායකවරයා ඊට සිය එකඟතාවය පළකර ඇති බව වර්තාවනවා.

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙසද විපක්ෂනායකවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.