නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව IMF ප්‍රධානී කියයි

ශ්‍රී ලංකා වැනි රටවලට නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ජෝර්ජිවා පවසනවා.

ඉන්දියාවේ පැවති ජී 20 සමුළුවෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

පවතින රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව සහ සූරිනාම් වැනි රාජ්‍යයන්වලට නව ණය නිරාකරණ ක්‍රියාවලියක් හඳුන්වාදිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය පෙන්වා දෙනවා.

ණය ගැටලු සම්බන්ධයෙන් සංවාද සහ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම කළ යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කොවිඩ් තත්ත්වය නිසා බොහෝ රටවල ආර්ථිකයන් අස්ථාවරත්වයට පත්වු බවත් ඒ ඒ රටවල ණය ගෙවීම් පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවත් අධ්‍යක්ෂවරිය මෙහිදී සඳහන් කළා.

යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් ද ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.

චීනය තවමත් ශ්‍රී ලංකාවට IMF ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වන නිළ සහතිකය ලබා දී නැහැ.

සීමිත ප්‍රතිපත්ති අවකාශයන් තිබෙන විශාල සංවර්ධන අවශ්‍යතා තිබෙන අඩුආදායම්ලාභී රටවල් ඉදිරියේ දී විශේෂයෙන් අවධාමනට ලක්විය හැකි බව ද ජෝර්ජිවා මෙහිදී අවධාරණය කළා.

පවතින තත්ත්වය හේතුවෙන් බොහෝ රටවලට ඉදිරියේ දී ඉහළ යන ණය අවධානම නිසා ණය නිරාකරණයට හා ණය ගෙවීමේ කාර්යක්ෂමතාව වැඩි කිරිමට ඒ ඒ රටවල් වල ආරම්භ කළ සැලසුම් තමන් අගය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?