පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වී තිබෙනවා.

පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සිව්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනට පැමිණි අතර, එහිදී බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසිනුයි ඔහු උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ.

මෙම නිල හමුවේදී, පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාළ වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

එමෙන්ම, හමුව සනිටුහන් කරමින් පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු වූ බව සඳහන්.

පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ගේ, මෙම නිල සංචාරයේදී ඔහු ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමටත්, නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරය කිරීමට ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි.

සිව්දින නිල සංචාරය නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානියා, ලබන 28 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06