AFC Banner
Empty Ad
Empty Ad

Kite Surfing කණ්ඩායමක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ජල සරුංගල් පැදීම (Kite Surfing) සඳහා 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ග්‍රීසියේ සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් අද උදෑසන 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි.

මෙම කණ්ඩායම දින 10ක් කල්පිටිය ප්‍රදේශයේ ජල සරුංගල් (Kite Surfing ) සහ සුළං ඔරු පැදීමේ (Wing Surfing) ක්‍රීඩාවල නිරත වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව යුරෝපීය රටවල මෙම ක්‍රීඩා සදහා සහභාගී වන තවත් ක්‍රීඩකයන් විශාල පිරිසක් සෑම වසරකම තදින් සුළං පවතින දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වාත්, මැයි සිට ඔක්තෝබර් මාසය දක්වාත් කල්පිටිය ප්‍රදේශයට පැමිණීමට නියමිතයි. .
මෙම සංචාරය දකුණු ආසියාවේ විශාලතම ජල ක්‍රීඩා පාසැල වන “ද සිල්වා වින්ග් රිසෝට් ඇන්ඩ් වෝටර් ස්පෝට්ස් සෙන්ටර්” සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සදහා ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකික ජල ක්‍රීඩකයන් දෙපළක් වන උපුල් ද සිල්වා සහ පැතුම් ද සිල්වා යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?