Kite Surfing කණ්ඩායමක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ජල සරුංගල් පැදීම (Kite Surfing) සඳහා 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ග්‍රීසියේ සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් අද උදෑසන 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි.

මෙම කණ්ඩායම දින 10ක් කල්පිටිය ප්‍රදේශයේ ජල සරුංගල් (Kite Surfing ) සහ සුළං ඔරු පැදීමේ (Wing Surfing) ක්‍රීඩාවල නිරත වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව යුරෝපීය රටවල මෙම ක්‍රීඩා සදහා සහභාගී වන තවත් ක්‍රීඩකයන් විශාල පිරිසක් සෑම වසරකම තදින් සුළං පවතින දෙසැම්බර් සිට මාර්තු මාසය දක්වාත්, මැයි සිට ඔක්තෝබර් මාසය දක්වාත් කල්පිටිය ප්‍රදේශයට පැමිණීමට නියමිතයි. .
මෙම සංචාරය දකුණු ආසියාවේ විශාලතම ජල ක්‍රීඩා පාසැල වන “ද සිල්වා වින්ග් රිසෝට් ඇන්ඩ් වෝටර් ස්පෝට්ස් සෙන්ටර්” සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සදහා ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකික ජල ක්‍රීඩකයන් දෙපළක් වන උපුල් ද සිල්වා සහ පැතුම් ද සිල්වා යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48