සිර මැදිරියෙන් නතර වූ ආදර කතාව

පාකිස්ථාන තරුණියකට ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් ඉන්දියාවට ඇතුලු වීමට සහාය දුන් ඉන්දීය ජාතික තරුණයෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

19 හැවිරිදි පාකිස්ථාන ජාතික මෙම තරුණිය 21 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයාගේ පෙම්වතිය බවටයි අනාවරණ වී ඇත්තේ. වසර 3කට පමණ පෙර අන්තර්ජාලය හරහා ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබූ අතර පසුව එය ප්‍රේම සබඳතාවක් බවට පෙරළී තිබෙනවා.

ලොව පුරා ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් හරහා ඔවුන් මෙලෙස පළමුව හඳුනාගෙන තිබූ බව සඳහන්.

ඔවුන් දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කර ගනිමින් අනාගතය සම්බන්ධයෙන් ද සැලසුම් සකස් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තරුණිය ව්‍යාජ හැඳුනුම් පතකින් ඉන්දියාවට පැමිණීමත් සමග සිර කූඩුවෙන් නතර වූ ඉන්දු පකිස්ථාන ආදර කතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ද වැඩි අවධානයක් යොමු කර තිබුණා.

යාදෙව් සිං නම් වූ ඉන්දීය ජාතික හින්දු තරුණයා සහ ඉක්රා ජීවනී නම් පකිස්ථාන ජාතික මුස්ලිම් තරුණිය අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ 2020 වසරේ කොවිඩ් සමයේ රටවල් දෙකම ලොක් ඩවුන් කළ කාලයේ දී යි.

ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මුලින්ම හරස් වී ඇත්තේ ඉන්දු පකිස්ථාන දේශසීමාවයි. පසුව මෙම යුවළ නේපාලයට ගොස් විවාහ වී ඇති අතර අනතුරුව හොර රහසේ ඉන්දියාවේ බැංගලෝර් නගරයට පැමිණ ජීවත් වීම ආරම්භ කර තිබෙනවා.

රහසිගතව ජීවත් වූ මෙම යුවළ පිළිබඳ ඉන්දීය පොලිසියට පළමු වරට ඇස ගැටී ඇත්තේ තරුණිය විසින් පකිස්ථානයේ සිටින තම මවට අන්තර්ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඇමතුම් ලබා ගැනීමත් සමඟයි.

අනතුරුව ඔවුන්ගේ ආදරයට හරස් වී තිබුණේ පකිස්ථාන තරුණියගේ ඉන්දීය ආගමනයයි.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීම සම්බන්ධයෙන් තරුණිය ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර ඇගේ සැමියා වූ යාදෙව් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාජ හැදුනුම්පතක් ලබා ගැනීමට පකිස්ථාන කාන්තාවකට උදව් කිරීමේ චෝදනාව මතයි.

පසුගිය ජනවාරි මාසයේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් අතර තරුණිය පසුගිය සතියේ පාකිස්තානයට පිටුවහල් කළ අතර මුලයාම් සිං ව සිරගත කිරීමට නියම කෙරුණා.

කෙසේවෙතත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ දෙරට අතර කුමන නොරිස්සුම්කම් තිබුණ ද මෙම යුවළ ආදරවන්තයින් බවය.

ඔවුන්ගේ ආදරයට බාධා කිරීම හෝ අකුල් හෙළීම අපරාධයක් බව පවසන ඥාතීන් පෙන්වා දෙන්නේ ඉන්දීය සහ පාකිස්තාන රජයන් යුවළට සාධාරණයක් ඉටුකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?