සිර මැදිරියෙන් නතර වූ ආදර කතාව

පාකිස්ථාන තරුණියකට ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් ඉන්දියාවට ඇතුලු වීමට සහාය දුන් ඉන්දීය ජාතික තරුණයෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

19 හැවිරිදි පාකිස්ථාන ජාතික මෙම තරුණිය 21 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයාගේ පෙම්වතිය බවටයි අනාවරණ වී ඇත්තේ. වසර 3කට පමණ පෙර අන්තර්ජාලය හරහා ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබූ අතර පසුව එය ප්‍රේම සබඳතාවක් බවට පෙරළී තිබෙනවා.

ලොව පුරා ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් හරහා ඔවුන් මෙලෙස පළමුව හඳුනාගෙන තිබූ බව සඳහන්.

ඔවුන් දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කර ගනිමින් අනාගතය සම්බන්ධයෙන් ද සැලසුම් සකස් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තරුණිය ව්‍යාජ හැඳුනුම් පතකින් ඉන්දියාවට පැමිණීමත් සමග සිර කූඩුවෙන් නතර වූ ඉන්දු පකිස්ථාන ආදර කතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ද වැඩි අවධානයක් යොමු කර තිබුණා.

යාදෙව් සිං නම් වූ ඉන්දීය ජාතික හින්දු තරුණයා සහ ඉක්රා ජීවනී නම් පකිස්ථාන ජාතික මුස්ලිම් තරුණිය අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ 2020 වසරේ කොවිඩ් සමයේ රටවල් දෙකම ලොක් ඩවුන් කළ කාලයේ දී යි.

ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මුලින්ම හරස් වී ඇත්තේ ඉන්දු පකිස්ථාන දේශසීමාවයි. පසුව මෙම යුවළ නේපාලයට ගොස් විවාහ වී ඇති අතර අනතුරුව හොර රහසේ ඉන්දියාවේ බැංගලෝර් නගරයට පැමිණ ජීවත් වීම ආරම්භ කර තිබෙනවා.

රහසිගතව ජීවත් වූ මෙම යුවළ පිළිබඳ ඉන්දීය පොලිසියට පළමු වරට ඇස ගැටී ඇත්තේ තරුණිය විසින් පකිස්ථානයේ සිටින තම මවට අන්තර්ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඇමතුම් ලබා ගැනීමත් සමඟයි.

අනතුරුව ඔවුන්ගේ ආදරයට හරස් වී තිබුණේ පකිස්ථාන තරුණියගේ ඉන්දීය ආගමනයයි.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීම සම්බන්ධයෙන් තරුණිය ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර ඇගේ සැමියා වූ යාදෙව් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාජ හැදුනුම්පතක් ලබා ගැනීමට පකිස්ථාන කාන්තාවකට උදව් කිරීමේ චෝදනාව මතයි.

පසුගිය ජනවාරි මාසයේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් අතර තරුණිය පසුගිය සතියේ පාකිස්තානයට පිටුවහල් කළ අතර මුලයාම් සිං ව සිරගත කිරීමට නියම කෙරුණා.

කෙසේවෙතත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ දෙරට අතර කුමන නොරිස්සුම්කම් තිබුණ ද මෙම යුවළ ආදරවන්තයින් බවය.

ඔවුන්ගේ ආදරයට බාධා කිරීම හෝ අකුල් හෙළීම අපරාධයක් බව පවසන ඥාතීන් පෙන්වා දෙන්නේ ඉන්දීය සහ පාකිස්තාන රජයන් යුවළට සාධාරණයක් ඉටුකළ යුතු බවයි.

  1. ADHARAYATA OWA MONAWATH ADHALAMA NAHE. JATI,KULA,AGAM,PAKSHA,PATA, US-MITI, KALU SUDHU, WAYASA LABALA DEPOLA, SALLI, RAGAYA,KAMAYA, LINGIKA SHAWA MEWA MONAWATH ADHALAMA NATI DEYAK THAMAYISEBE ADHARAYA. EKA DANNE EHEMA AWANKAWA UTHUM LESA ADHARAYA KARANA AYA PAMANAYI. NAMUTH ADHARAYA UTHURA YANA THANA GEHENIYA THAMA ADHARYA KARANA PIRIMIYA IDHIRIYE NIRUWATH WENNA HO OHUTA ONA WITAKA THAMA NIRUWATH KARAANNA DEPARAK HITHANNE NAHE. GEHENU SEBE ADHARAYT EYI ATHARAM ADHAREYI. PIRIMIYA IDHIRIYE EYATA THAMGE TO THAMA WATEYI INNA SESU AYAGE KISIMA WATINA KAMAK NAHE. EKAYI EYA OKKMA DALA ME THARAM DUSHKARA MARGAYAKA AWE KOLLA HOYAGENA. EKA HARIMA UTHUM GRU KARANNA ONEMA DEYAK. KOLLA UNATH EHEMAYI. PUDUMA ADHARAYAK. ME DENNA RATAWAL DEKEMA THIYA GANN BERI NAM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55