ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ දී ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සොයා ගැනීම අපහසුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ආරක්ෂා සැපයීම සඳහා පොලිස් නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තවමත් ආරම්භ කළ නොමැති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම කටයුතු ආරම්භ කළ පසු අදාළ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ආරක්ෂාව වෙනුවෙන් දීර්ඝ කාලීනව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රාජකාරියේ යෙදවීමේ දී පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලින් ලබා ගැනීමේ දී සළකාබැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ආයතනවලින් කුමන ඉල්ලීම් පැමිණිය ද ආරක්ෂාව සඳහා යොදවන නිලධාරී සංඛ්‍යාව තීරණය කිරීම සිදුකරනු ලබන්නේ පොලිසිය විසින් බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26